විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් රෝහල් හා විශේෂඥ වෛද්‍ය ඒකක හාරසීයකට වැඩි ප්‍රමාණයක් ඉදිරියේ දි වැසී යාමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටි

2022 වසර ආරම්භයේ සිට මේ දක්වා වෛද්‍යවරු 1700 ක් පමණ රට හැර ගොස් ඇති බවත් වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් ඉදිරියේ දි රට හැරයාමට සූදානමින් සිටින බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියා.

සේවයට ප්‍රමාණවත් වැටුපක් නොලැබීම හේතුවෙන් ආර්ථික අර්බුදයත්, යහපත් වෘත්තිය පරිසරයක් නොමැති වීමත්, රට තුළ පවත්නා අස්ථාවරත්වයත් හේතුවෙන් මෙසේ වෛද්‍යවරුන් රට හැරයාම සිදු කරන බව ඔහු පවසා සිටියා.

දැනටමත් වෛද්‍යවරු නොමැති වීම නිසා කුඩා රෝහල් 20 කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවේ දි වැඩිදුරටත් සදහන් කර සිටියා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page