විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට වහාම එම ධුරවලින් ඉවත් වන ලෙස බල කරමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හා සිවිල් සංවිධාන එකමුතුව ඊයේ (21දා) පෙරවරුවේ එම අමාත්‍යාංශය ඉදිරිපිටදී එක් දින සත්‍යග්‍රහයක් සිදු කරන ලදි.

විදුලි බල ඇමැතිවරයා හා ලේකම්වරයා දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ බවට චෝදනා කරමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කල අතර ඇමැතිවරයා හා ලේකම්වරයා ඉල්ලා අස් නොවුණහොත් ජනවාරි පහළොස් වැනිදායින් පසු අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවත් මෙහිදී අදහස් දැක්වූ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කර සිටියා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page