නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය 2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඊයේ (01) රාජගිරියේ පිහිටි සිය මුලස්ථානයේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා, නව සන්ධානයේ මෙහෙයුම් නායක හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික නායකයින්ගේ ආගමික ආශිර්වාද කටයුතු මධ්‍යයේ මෙහෙයුම් කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට නව සන්ධාන මෙහෙයුම් අංශ ප්‍රධානී සිරිපාල අමරසිංහ, නීතිඥ නලින් සමරකෝන්, අසංක ශ්‍රීනාත්, නව සන්ධානයට සහය දක්වන දේශපාලන පක්ෂ නියෝජිතයින්, අනුබද්ධ සංවිධාන 19 ක නියෝජිතයින්, වෘත්තීය සමිති 37 ක් නියෝජනය කරමින් එහි සමාජිකයින්, දිස්ත්‍රික් සංවිධායකවරුන් ඇතුළු නව සන්ධානයේ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වී සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page