රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (01) වනදා සිට අද (02) අලුයම දක්වා පැය 24 තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 822 ක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් කරයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 91 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේන අතර සැකකරුවන් 60 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය දේපාර්තමෙන්තුව පවසයි.

එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 72 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන් Msgs

හෙරොයින් 273 g,අයිස් 111 g, ගංජා 1 kg 623 g, ගංජා පැළ 100 ක්,මාවා 04 g ,මත්පෙති 426 ක් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page