සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ,ලෙස කටයුතු කරන හිටපු කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්.ආර් පිරිස් මහතා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්විමට කැමැත්ත පල කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දුර දක්ෂි නායකත්වය හා ආර්ථික ආගාදයෙන් ජනතාව මුදවාගැනීම හා රට ඉදිරියට ගෙනියන්න ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අනුමත කරන හිටපු මන්ත්‍රීවරයා ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහය පල කරන බව සදහන් කරයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සහ එජාප කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන මහත්වරුන් හමු වු නිමල් ආර් පීරිස් මහතා මේ බව සදහන් කරන ලදි
