උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීමට
පූනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලදි.

2024 අය වැය මගින් පුනරින් නගරය සංවර්ධනය සදහා රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර තිබේන බැවින් අදාළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දෙන ලදි.

එහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද දැනුම් දි ඇත

අනතුරුව පුනරින්හි පිහිටි ඓතිහාසික ලන්දේසි බලකොටුව නිරීක්ෂණය කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුනරින් ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන උසස් තත්ත්වයේ කජු නිෂ්පාදන ආයතනයක් වන “වන්නි කැෂු” කජු නිෂ්පාදන ආයතනය වෙත පැමිණෙන ලදි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page