රටේ තිබෙන දේශපාලන පක්ෂවලට පැවැත්මක් හෝ දැක්මක් නොමැති බවත් ඉදිරියේදී එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් යටතේ රට පවත්වාගෙන යෑමට කටයුතු කරන බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටියහ

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ධම්මරතන හිමි කියා සිටියේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට සේම ජනාධිපතිවරණයට ද මේ වන විට සූදානමින් සිටින බවයි.

“රට හදන මග යළි අරඹමු මිහින්තලාවෙන්“ වැඩසටහන ආරම්භ කරමින් උන්වහන්සේ මේ බව පැවසු අතර ඒක් දේශපාලන පක්ෂයකින් ලංකාව පුරා විවිධ වෘත්තිකයන් ඉදිරිපත් කරමින් මැතිවරණයට ඉදිරිපත් වන බව පවසයි.

අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමක් සිදු කරන්නේ නැති බවත් දේශපාලන පක්ෂ ගණනාවක් මේ වනවිටත් මා ඇතුළු පිරිසට පූජා කර ඇති බවත් ජලය,විදුලිය සහ බදු යන සියලු කාරණාවලට අප ළඟ විසඳුම් තිබෙන බවත් උද්ධච්ච දරදඬු පාලකයන්ට තවදුරටත් රැඳෙන්නට ඉඩදිය නොහැකි බවත් උන්වහන්සේ පවසා සිටියා

සියලු දෙනාම “ගෝ හෝම්“ නොව “ගෝ ජේල්“ විය යුතුයි. හොරකම් කළ දේශපාලකයන් සියලු දෙනාම සිරගත කරනවා. ඒවාගේම දේශපාලනඥයන් දේපොළ සොයාගත් ආකාරය රටට අනාවරණය කළයුතු“ යැයි ද උන්වහන්සේ පැවසූහ.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වල සාසනරතන හිමියන් මෙහි දී කියා සිටියේ රට හැදීමේ මග මීට වසර 2332 කට පෙර මිහින්තලාවෙන් ආරම්භ කළා සේ එය නැවත ආරම්භ කරනු ලබන්නේ ද මිහින්තලාවෙන්ම බවය.

“මිහින්තලා ඓතිහාසික පුදබිමේ වැඩ අකර්මන්‍ය කිරීම පිළිබඳ දිගින් දිගටම සිවිල් සංවිධාන, උගත් බුද්ධිමත් වියතුන් සෑම කෙනෙක්ම පාහේ කතා බහට ලක්කරන කාරණාවක්. මිහින්තලේ පුදබිමේ ආරක්ෂාව පිළිබඳව අද ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා.

බුද්ධාගම ආරක්ෂා කිරීමේ වගකීම මෙරට පාලකයන්ට පැවරී තිබෙනවා. ඒත් රටේ පාලකයන් එය අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව පේනවා. මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීමට නොහැකි තත්ත්වයට තක්කඩි බටහිර ගැති දේශපාලන සංස්කෘතිය පත්වෙලා. ජාතිකවාදී සිංහල බෞද්ධයාට පහර ගසමින් රට පාලනය කිරීමට කිසිසේත්ම නොහැකි “ යැයි ද උන්වහන්සේ පැවසූහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page