මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කරමින් ඒවායේ සේවාවන් විධිමත් කිරීමේ අරමුණෙන් ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙමගින් ණය ලබා දෙන ව්‍යාපාරයේ සේම ගනුදෙනුකරුවන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂාව බවයි. විශේෂයෙන් ම ග්‍රාමීය මට්ටමේ ජනතාව ඉලක්ක කර ගනිමින් සේවය සපයන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් සිදු වන සේවාවන් ඔවුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යාම වෙනුවට රාජ්‍ය මැදිහත්වීම සහිත අධිකාරියක නියාමනය යටතේ සිදු කිරීමට අදාළ ආයතනවලට ද පහසුවක් බවයි.

විශේෂයෙන් ම දෛනිකව මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සියයට 300 ඉක්මවා ගියා වාර්ෂික පොලී අනුපාත අයකරනු ලැබූ අවස්ථා පිළිබඳ ව ද මීට පෙර වාර්තා වී තිබූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් සිය දිවි නසා ගැනීම්, පවුල් ආරවුල් වැනි තත්ත්වයන් පවා වර්ධනය වූ අවස්ථාවන් පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා වී තිබිණි. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අවශ්‍යතාව සහ දැනට ක්‍රියාත්මක කරමින් සිටින සේවාවන් පිළිබඳ සලකා බලමින් ඒවායේ සේවාව මෙම කෙටුම්පත මගින් විධිමත් කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම පනත සම්මත වූ පසු දැනට ක්‍රියාත්මක 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි වන අතර ආයතනවල සේවාවන් විධිමත් කරමින් ගනුදෙනුකරුවන් ආරක්ෂා කර ගැනීම මුලික අරමුණ අරමුණ වන බව සදහන් කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page