දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් සිදු කෙරෙන සංවර්ධන හා සුබසාධන කටයුතු ජූලි මස 31 වැනිදාට පෙර අවසන් කරන ලෙස සියලුම ආණ්ඩුකාරවරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී ඇත.

එම වැඩපිළිවෙල අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් විශේෂ කැබිනට් අනු කමිටුවක්ද පත්කර ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,පවිත්‍රා වන්නිආරච්චි, අශෝක ප්‍රියන්ත එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන අතර මෙම සංවර්ධන හා සුබසාධන වැඩපිළිවෙල සඳහා වෙන්ව ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 11,250 ක් බව සදහන් කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page