අපොස උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (12) සදහන් කර සිටියා .

කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණ වීම හේතුවෙන් මෙම අවලංගු කිරීමට කල බවත් ඒ පිළිබඳව සිදු කළ විමර්ශනයේදී එය සාමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇති බවට තහවුරු වූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කර සිටියා

කිසිදු අපේක්‍ෂකයෙකුට අසාධාරණයක් නොවන පරිදි සියලුම අපේක්ෂකයින් නැවත එම විභාග ප්‍රශ්න පත්‍රයට පෙනී සිටිය යුතු යැයි තීරණය කර ඇති බවත් එම ප්‍රශ්න පත්‍රයට විභාග අපේක්‍ෂකයන් නැවත පෙනී සිටින දිනය පසුව දැනුම් දෙන බවත් දැන් පැවැ්තවෙන උසස් පෙළ විභාගය අවසන් වූ වාහාම එම ප්‍රශ්න පත්‍රය නැවත පවත්වන බවත් ඔහු තවදුරටත් සදහන් කලා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page