ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා දැමිම හේතුවෙන් එහි සේවකයන් ඉවත් කිරීමෙන් ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජොර්දානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාල නිලධාරින්ට උපදෙස් දිමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පියවර ගෙන ඇත.
අදාළ ඇඟලුම් කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන් සේවකයන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ එරට කම්කරු දෙපාර්තමේන්තු බලධාරින් සමග සාකච්ඡා කළ බවත් එහිදි අදාල බලධාරීන් මෙම ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට පිටත් කිරිම සඳහා ගුවන් ටිකට් පත් දිමට ඒකග වු බවත් ප්‍රකාශ කර ඇත .
ඒසෙම ඉන්දිය හා බංග්ලාදේශ යන රටවල් නියෝජනය කරන ජෝර්දානයේ සිටින තාතාපතිවරු සමග එක්ව මෙම සේවකන්ගේ හිඟ වැටුප් හා දීමනා සමග සමාජ රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දිමට අවශ්‍ය කටයුතු සිදු කිරීමද මේ වන විට සිදු කරමින් පවතී .
මෙම ශ්‍රමිකයින්ට හිමි හිඟ වැටුප්, දීමනා හා සමාජ ආරක්ෂණ වන්දි මුදල් ලබාගැනීම සඳහා ජෝර්දානයේ නීති උපදේශන ආයතනයක සහාය ගන්නා ලෙස කාර්යාංශ සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා තානාපති කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් දි ඇත
