තෛපොංගල් දිනය යෙදී තිබෙන ජනවාරි 15 වැනිදා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල පිහිටා ඇති මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබෙන බවත් ඒ පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වන විට දැනුම් දුන් බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා ප්‍රකාශ කරයි .

තෛපොංගල් දිනයේ දී මෙම දිස්ත්‍රික්වල මත්පැන් අලෙවිසැල් වසා තබන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණු බැවින් මෙම තීරණය ගෙන ඇති බව සදහන් …

එලෙස සිදු කිරීමෙන් මත්පැන් අලෙවිසැල්වල සේවය කරන සේවකයින්ට එදින සිය පවුලේ අය සමඟ කාලය ගත කිරීමේ අවස්ථාව උදා වන බව ද රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page