රජය විසින් පවත්වාගෙන යනු ලබන ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා පුද්ගලික සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට රජය තීරණය කර ඇත.

රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාව්ලියට අනුව මෙම 2024 ජනවාරි 16 සහ 2024 ජූලි මුල අතර සිදු කාලය තුල මෙය සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සදහා උනන්දුවක් දක්වන පිරිස් වලට ශ්‍රී ලංකා රජය ආරාධනා කර සිටි.

ලංසු ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2024 පෙබරවාරි 16 වන දින පස්වරු 02 වන අතර කෙටි ලැයිස්තුගත ලංසුකරුවන් තෝරා ගැනීම මාර්තු මස මුලදී සිදු කෙරෙන බව රජයේ ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරිමේ ඒකකය සඳහන් කරයි.

ඒ අනුව ලංසු ඇගයීම සහ සාර්ථක ලංසුකරුවෙකු තෝරා ගැනීම 2024 ජුනි මැද භාගයේදී සැලසුම් කර තිබේ.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි සියයට 99.936 ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය රජය සතුව වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page