ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතා දැක්වූ සේවකයින් 15 දෙනෙකුගේ සේවය ජනවාරි 19 දින සිට අත්හිටුවිමට තිරණය කල බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සදහන් කරයි .

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ, බෙදා හැරීම අංශ 3 යටතේ පවතින සබරගමුව, අවිස්සාවේල්ල යන පළාත්වල මුදල් ලිපිකරුවන් 15 දෙනෙකුය.

විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ජනවාරි 3,4,5 විදුලි වෘත්තිය සමිති සේවකයන් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිව කෑම පැයේදී විරෝධතාවක නිරත වූ බවත් එහිදී, විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති පසුබිමක සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබියදී උද්ඝෝෂණයක් පැවැත්වීම නීතියට පටහැනි හේතුවෙන් මෙම සේවකයන්ගේ වැඩ තහනමට ලක් කළ බව ඔහු පවසයි

2023 දෙසැම්බර් 18 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරනු ලැබ ඇති අංක 2363/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබේ.

මෙම ක්‍රියාව නිසා පාරිභෝගික ජනතාවට සිදුවූ අපහසුතාව සහ මුදල් කවුළුව වසා තැබීම ‘විෂමාචාර ක්‍රියාවක්’ බව ත් එම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවූ පාඩුව පිළිබඳව සලකා බලා මෙම සේවකයන්ගේ වැඩ තහනමට ලක් කිරීමට තීරණය කළ බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page