අන්තර්ජාතික ක්‍රිකට් සභාව ( ICC ) ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම වාහාම ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (28) සදහන් කර සිටියා.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය නොවැම්බර් මස 6 වැනිදා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කළ අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාව නොවැම්බර් මස 11 වැනිදා එහි ශ්‍රී ලංකා සාමාජිකත්වය තහනම් කරන ලදි.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව තහනම ඉවත් කළ බව නිල වශයෙන් ඉදිරියේදී නිවේදනය කරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.
