නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලි බල මණ්ඩලය
විදුලි බිල ගෙවිය හැකි නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව CEBCare ජංගම දුරකතන යෙදවුමෙන් ද, ඔන්ලයින් බැංකු සේවා මඟින් සහ ලංවිම වෙබ් අඩවිය ඔස්සේ ගෙවිය හැකියි.
එමෙන් ම ශ්‍රී ලංකා තැපැල් කාර්යලය මඟින් ද, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මඟීන් ද, කාගීල්ස්, කීල්ස් සුපිරි වෙළඳසැල්වලින් සහ mCash මඟින් ද විදුලි බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වා දී ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් පැනනැගෙන ගැටලු පිළිබඳ 1987 අංකය ඇමතීමෙන් පැමිණිලි කළ බවයි, ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
