‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ
76 වැනි නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර අබියසදී පෙබරවාරි 4 දා අභිමානවත් ලෙස සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ආරාධනය පරිදි උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැති සෙට්ඨා තවිසින් මහතා සහභාගි වන බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා ඊයේ (31 දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා .
මෙම අවස්ථාවට තායිලන්ත අගමැතිවරයා සමග දූත පිරිසක් ද එම තානාපතිවරුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් ද සහභාගි වන අතර සාමාන්‍ය ජනතාව සඳහා නිදහස් පෙළපාලිය නැරඹීම සඳහා මෙවර අවස්ථාව හිමි නොවන බව වාර්තා වේ .
නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය සහ ජාතික ශිෂ්‍ය භට බළකායේ සාමාජිකයෝ එක්වන අතර මේ සඳහා නිලධාරීන් 241 දෙනකු සමග ආරක්‍ෂක අංශ සාමාජිකයන් 6125ක් සහභාගි වේ.
නිදහස් දින සැමරුම වෙනුවෙන් 03 වැනිදා සවස 2.00 සිට 04 වැනිදා දහවල් 12.00 පමණ වන තෙක් කොල්ලුපිටියේ සිට ගාලුමුවදොර දක්වා පාර වසා දමන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කර සිටින අතර නිදහස්දා රථවාහන සහ ආරක්‍ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 4000ක් පමණ දෙනා යොදවන බව ද සදහන් කර සිටියා
නිදහස් දින සැමරුම වෙනුවෙන් හෙට (02 දා) අගමැති ප්‍රධානත්වයෙන් ඖෂධ රුක් රෝපණ වැඩසටහනක් නිදහස් චතුරස්‍රය මුල්කරගෙන ආරම්භ කර නිදහස් චතුරස්‍රය අබියස එදින සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් ආරම්භ කර පසු දින සංඝගත දක්‍ෂිණාවකින් එය අවසන් වන බවද සදහන් …
