ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහ අද පෙරවුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය හිටපු අමාත්‍යවරයාගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

බාල ප්‍රතිදේහක ඖෂධ බෙදා හැරීම සහ රජයට කෝටි ගණනක අලාභයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ අතර මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු නිලධාරින් රැසක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page