රියදුරු පාසල්වල ප්‍රමිතිය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද මේ වන විට සකස් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සුජිත් තෙන්නකෝන් සදහන් කරයි .
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් ජනවාරි (30 ) වනදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවේදී කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට පෙර රියැදුරු පාසල්වලද පෙර පුහුණුවක් සහ ලිඛිත පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමුව ඇති බව ද ඔහු සදහන් කලා.
මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු වළක්වා ගැනීමේ කමිටුවේ තානාපති ඩිලන්ත මාලගමුව මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මේ දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුවූ රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ඇති බවත් මේ වසරේ ජනවාරි මාසය තුළ පමණක් රිය අනතුරු හේතුවෙන් හයදෙනෙකු මියගොස් ඇති බවත් ඔහු සදහන් කලා.
මෙම තත්ත්වය මත රථවාහන අනතුරු වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ඔහු තව දුරටත් සදහන් කර සිටියා.
