පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කිරීමට තීරණය කල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තිසර ගුණසිංහ සඳහන් කරයි .

පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පසුගිය දා පැවති එහි විධායක සභා රැස්වීමේදී මේ තීරණයට එළඹ ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කිරීමට මෙහිදී තීරණය කල අතර පොදුජන පෙරමුණු ව්‍යවස්ථා සංශෝධනය යටතේ නායකත්ව මණ්ඩලයේ සියයට 25 ක නියෝජනයක් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියයට 50 ක බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවන බව ද තිසර ගුණසිංහ පවසයි

ඔහු සඳහන් කළේ, පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය ලබන 22 වැනි දා පත් කිරීමට ද තීරණය කළ බවත් ඒ අනුව පක්ෂයේ ලේකම් ධුරයට නව පුද්ගලයෙකු පත් කිරීමට කටයුතු කරන බවත් ය.

නිමල් ලන්සා ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් ගෙන් සමන්විත අලුත් සන්ධානය ද පොදුජන එක්සත් පෙරමුණට එක්කර ගැනීමට තීරණය කර ඇති අතර එම මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් එහි නායක අනුර ප්‍රියදර්ශන යාපා ද ඊයේ පැවති සාකච්ජාවට එක්ව තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page