නේවාසිකව ප්‍රතිකාර ලැබු රෝගීයකුගෙන් උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල අයකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කිරීම අත්හිටුවන්නැයි කල ඉල්ලීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව එම රෝහල වෙනුවෙන් කළ ඉල්ලීම ඉවත දැමු අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන්ට මෙන්ම ජාතික ඖධෂ නියාමන අධිකාරියටද එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කර ඇත .

නියමිත නඩු දිනයට පෙර පැමිණීල්ල හෝ අගතියට පත් පාර්ශවය නොමැති දිනයක මෝෂමක් මාර්ගයෙන් ආයතනයේ නියෝජිතයකු අධිකරණය ඉදිරිපත් වු අවස්ථාවේදී වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය නෛතික දෝෂ සහිත බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරිය යුක්තිය ඉෂ්ඨවීම පිණීස සහ ඒකපාර්ශවීය නොවු තීන්දුවක් දීම සඳහා නොතිසි නිකුත් කිරීමට තම අධිකරණයට අභිමතානුසාරි බලයක් ඇති බවද අවධාරණය කර ඇත

ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂවරුන් 10 දෙනාට යළිත් වරක් නොතිසි නිකුත් කිරීම අභියෝගයට ලක් කර නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් මහෙස්ත්‍රාත්වරිය එසේ නොතිසි නිකුත් කරන ලදී

ඒ අනුව මෙලෙස නොතිසි නිකුත් කරන ලද්දේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වන විශාල් බාලී, අශෝක පතිරගේ, අන්තූර් නාන්ද් තදානි, මංජුල කරුණාරත්න, සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී”ඩී” සඳතිසරු නමැත්තන්ට වේ

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page