ලෝකයේ කිසිම රටක් සමඟ බද්ධ වෛරයකින් පෙළෙමින් දේශපාලනය කිරීමට හෝ රාජ්‍ය පාලනය කිරීමට නොහැකි බව මීට වසර 35 කට පෙර ජනතා විමුක්ති පෙරමුණ තේරුම් ගත්තා නම් හැටදාහකට ආසන්න පිරිසකගේ ජීවිත අපේ රටට අහිමි නොවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සදහන් කරයි.

ඉන්දියානු විරෝධයක් පෙරට දමාගෙන ඉන්දු ලංකා ගිවිසුම පෙන්වමින් පළාත් සභා ක්‍රමයට විරෝධය දක්වමින් රට තුල සිදුකළ ඝාතන නිසා අහිමි වූ ජීවිත ගැන අද ජනතා විමුක්ති පෙරමුණට කීමට ඇත්තේ කුමක්ද බව රාජිත සේනාරත්න ප්‍රශ්න කරයි.

ඉතා ඉහළ මානව ගුණාංගයන්ගෙන් පිරුණු කාල් මාක්ස්, වී අයි ලෙනින්ගේ දර්ශන වැරදියට කියවාගෙන…
අසල්වැසි ඉන්දියාව රකුසකු සේ පෙන්වමින් ජාතිකවාදය දඩමීමා කරගෙන සිදුකිරීමට ගිය සන්නද්ධ අරගලය නිසා සිදුවූයේ රටපුරා භීෂණයක් ඇතිවී වටිනා තරුණ ජීවිත දහස් ගණනක් අහිමි විමයි.

ඔවුන් එදා සන්නද්ධව
අවි මානාගෙන එන විට රජයකට නවගුණවැල ගණන් කරමින් සිටීමට හැකියාවක් නැති බවත් ඔහු සදහන් කර සිටියා .

88 සහ 89 දි පළාත් සභාවට තරග කළ අපේක්ෂකයන්ව ඝාතනය කළ ඔවුන්
98/ 99 කාලයේ දි පළාත් සභාවට තරග කර මන්ත්‍රීවරුන් ලෙස මැතිවරණ සදහා ඉදිරිපත් වී මන්ත්‍රීවරු ලෙස තේරී පත්වි එතැන් සිට ඉදිරියට ඔවුන් පළාත් සභාව නියෝජනය කරමින් සිටි බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා .

අනාගත දේශපාලන නායකයන් බවට පත්වීමට සිටි වටිනා පරපුරක් රටට අහිමි කරමින් අවසානයේ ඔවුන්ගේ නායකයාද ඔවුන්ට අහිමිවීම රට පිළිබඳ අනාගත වැඩපිළිවෙලක් නොමැති දියුණු දේශපාලන දැක්මක් නොමැති වර්ගවාදී දේශපාලන නායකයන් සහ දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇති බවත් සදහන් කරයි .

විටක බොරු ඇමරිකානු විරෝධයක්, නැවත බොරු චීන විරෝධයක්,
බොරු අධිරාජ්‍යවාදී විරෝධයක්,
බොරු ඉන්දියානු විරෝධයක්,
සමාජයට මවා පෙන්වා සිටිමින්
ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ දැනුමක් අවබෝධයක් නොමැති
අපේ රට සහ අපේ ජාතිය පමණක් ලෝකයේ උතුම්ම ඒවා යැයි සිතා සිටින ජනතාව, ඊට හසුකර ගනිමින් කටයුතු කර ඇති බවත් සදහන් කලා.

තමන් වැටුණු මුලාවේ තරම තේරෙන විට ජනතාවට සිදුවිය යුතු හානිය සිදුවී අවසන් බවත් කිසිත් නොවුනා සේ,
සියල්ල අමතක කර ඉන්දියාවේ යෑම එවැනි පක්ෂවල දේශපාලන නායකයන්ට හැකි වුවද යන්න හා
ඉන්දියාවට එරෙහිව සටන් කිරීමට ගොස් ජීවිත අහිමි වූ එම පක්ෂයේ සහෝදරයන්ගේ ඥාතීන්ට
දැන් කුමක් සිතෙනවා ඇත්ද යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියා

මින් මතු අනාගතයේදීවත්, විදේශ රටවල් පිළිබඳව ජාතිවාදී දේශපාලන නායකයන් මතු කරන බොරු විරෝධයන්ට හසුනොවීමට තරම් ජනතාව විචාරශීලි වියයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී
වෛද්‍ය රාජිත සේනාරත්න පෙන්වා දි සිටියා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page