නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර ඇත .
සභාපතිවරයා පත් කිරීමේන් අනතුරුව තේරීම් කාරක සභාව විසින් නව සභාවාරය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් පත් කිරීම ද සිදු කරන ලදි .
ඒඅනුව ශෙහාන් සේමසිංහ, සීතා අරඹේපොල, සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, නිමල් ලාන්සා, එම්. ඒ. සුමන්තිරන්, කවින්ද හේෂාන් ජයවර්ධන, මයන්ත දිසානායක , හර්ෂණ රාජකරුණා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, මේජර් ප්‍රදීප් උඳුගොඩ, ඉසුරු දොඩන්ගොඩ, ප්‍රේම්නාත් සී. දොලවත්ත, මධුර විතානගේ සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන අය ඒහි සාමාජිකයන් ලෙස පත් කරන ලදි.
