වී මිලදී ගැනීම සදහා රජය විසින් ලබා දී ඇති ණය මුදල් ලබා ගත් වී මෝල් හිමියන්, වී එකතු කරන්නන් හා වී ගබඩා අයිතිකරුවන් ඒම මිල ගණන් යටතේ වී මිල දී ගැනීමට පියවර නොගතහොත් අසාදු ලේඛන ගත කිරීමට රජය තීරණය කරයි .

ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිහිපයක් මගින් කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්, වී එකතුකරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් සදහා මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීමට රජයේ සහන පොලී අනුපාතයක් මත ණය මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇති බවත් රජය අනුමත ණය මුදල් ලබාගෙන ගොවි ජනතාවගේ වී තොග රජය විසින් නියම කර ඇති අවම මිල ගණන් යටතේ නොගන්නේ නම් ඔවුන් අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දි ඇත ..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page