අනුරාධපුරයේ දූෂිතයන්ට එරෙහිව පලමු පියවර එස්.එම්. චන්ද්‍රසේනගෙන් පටන් ගන්නා බව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී සදහන් කර සිටියා
ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ කාන්තා සමුළුව අමතමින් ය….
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක ….
පසු ගිය දවස්වල අපි ඉන්දියාවට ගියා. අපි ඉන්දියාවට ගියා කියල ඕගොල්ලෝ දැන ගත්තේ කාගෙන්ද. එක්කෝ සජිත්ගෙ කටිටියගෙන්. එක්කෝ රනිල්ගෙ කටිටියගෙන්. එක්කෝ මහින්දගේ කට්ටියගෙන්. හැබැයි අපි නිශ්ශබ්දයි. මේකෙන් මොකක්ද අර්ථවත් වෙන්නේ සතුරා නොහිතන විශ්මිත දේවල් සිදුවීම තමා අද මේ ආරම්භ වී තිබෙන්නේ.ඒ නිසා සතුරා කලබලයට පත්වෙලා. අද මේ දුෂිත පන්තියම නිදි වර්ජිතව රැය පහන් කර තත්ත්වයට පත් වෙලා.
රනිල්ට මහින්දට සජිත්ට වගේම තව බොහෝ අයට දැන් නින්ද නොඑන රාත්‍රිය උදා වෙලා. ඔව් අපි මේරට වෙනස් කල යුතුයි. වෙනස් කරනව සිකුරුයි. අනුරාධපුර අපේ රටේ ඓතිහාසක නගරයි. වැව් පද්ධතිය එදා ජන ජිවිතය පෝෂණය කලා. එදා පුනරුදය ඇති කලේ මේ රජරටයි. ඒ නිසයි මේක වැව් බැඳි රාජ්‍ය කිවේ.
මම පොඩි කාලේ යනවා රාජාංගනය වැව වාන් දානව බලන්න. වැහි කාලෙට වහින කොට කලා වැවට ජලය පිරිල වැඩි වතුර බැම්මට උඩින් පිට වෙලා යනවා. ඒකෙන් කියන්නේ කලා වැව උපරිම ජල මට්ටමට ළඟා වෙලා අවසන් කියලයි. ඒ වගේම අද අනුරාධපුරයේ සල්ගාදු පිට්ටනිය රජරට කාන්තාවන්ගෙන් පිරී ඉතිරිලා ගිහිල්ලා. ඒයින් සංකේතවත් කරන්නේ අනුරාධපුරයේ ජාතික ජන බලවේගයේ රජරට කාන්තාවන්ගෙන් ශක්තිය පිරී ඉතිරී ගොස් ඇති ආකාරයයි.
අද ඕගොල්ලොන්ට හිතෙනවද අර ගොල්ලොන්ට මොනව හිතෙනව ඇද්ද කියලා.මේ සතුරන් කල්පනා කළේ නෑ කවදාවත් මෙවැනි ගැහැණු පිබිදිමක් ඇතිවෙයි කියලා.ඒගොල්ලෝ හැමදාම කල්පනා කළේ මේ රටේ දේශපාලනය පිරිමින්ගේ උරුමයක් කියලයි.
ආර්ථිකය කඩා වැටිලා, කුඹුරු ගොඩ වෙලා, අසනීපයක් උනොත් බෙහෙත් ගන්න බැරි රටක් බවට වෙලා, ජනතාව කුසගින්න ඉන්න රටක් බවට පත්වෙලා. සමාජ ආර්ථික දේහයම විනාශ වෙලා. දරුවන්ගෙ අනාගතයම මේ පාලක පන්තිය විසින් විනාශ කරල දාලා.ගොවියා පාරට බැහැලා පොහොර ටික ඉල්ලනවා. වගාවට පහසුකම් ඉල්ලනවා අද අනුරාධපුරය කුඩු රාජධානියක් බවට පත්වෙලා.
අද මොකද වෙලා තියෙන්නේ? මහා සාගරයක් වගෙ අපේ ඇස් ඉදිරිපිට සෝදාපලුට ලක් වෙලා. කලා වැව ඉස්මත්තේ දේශපාලකයෝ හෝටල් හදලා. නාච්චාදූව වැව ඉස්මත්තේ දේශපාලකයෝ හෝටල් හදල. ශිෂ්ටාචාරයක් ආරම්භ කළ රජරට අද විනාශ කරලා.
සමස්ත දේහයම කඩා වැටි තිබෙන මේ රට ගොඩ ගන්න විශේෂ වැඩ පිළිවෙළක් අවශ්‍යයි. අපි ඒ දේ කරනව. ඒ වැඩ පිළිවෙළ සකස් කර තිබෙනව.මේ උත්සාහය නායකත්වය වෙනස් කිරීමට පමණක් නොවේ. කඳවුර වෙනස් කිරීමට පමණක් නොවේ. මේ පද්ධතියම වෙනස් කර සධාරණ සමසමාජයක් ගොඩනැගීම අප මත පැවරි තිබෙන කාර්යභාරය ඉටු කිරීමේ වගකීම අප හැම දෙනාම සතුව තිබෙනාවා. මේ විශාලම අභියෝගයයි. ඒ අභියෝගය අපි ජය ගන්වා සිකුරුයි.
අද ඉස්පිරිතාලෙට යන ලෙඩාට දෙන බෙහෙතෙන් ගසා කාල බාල බෙහෙත් ගෙනාපු ඇමැති බන්ධනාගාර ගතවෙලා. හැබැයි ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාස බංගයක් ගේනකොට අනුරාධපුරේ එස්.එම්. චන්ද්‍රසේනලා එකතු වෙලා මොකද කරේ. ඉස්පිරිතාලෙන් රෝගියට බාල බෙහෙත් දීල ලෙඩා මැරෙන තත්ත්වයට පත් කරන ඇමැතිලා ඉන්න රටකින් පුළුවන්ද ජනතාවට යහපතක් බලාපොරොත්තුවෙන්න…
