යුක්තිය මෙහෙයුම ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 680 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි .
මෙසේ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් 680 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 554 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 126 ක් ඇත.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 554 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවෝ 13 ක් ද සිටිති. එසේම, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් සංඛ්‍යාව 02 ක් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් 168 g, අයිස් 93 g 926 mg , ගංජා 925g 156 mg ගංජා පැල 1,044, මාවා 356 g , මත්පෙති 596, මදන මෝදක 32 g
