කොවිඩ් – 19 වසංගතයෙන් පසු ආර්ථික අර්බුදයේ බලපෑම් මත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන දෙලක්ෂ හැට තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි .
2023 වසරේ මාර්තු මස සිට ජූනි මස දක්වා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ..කොවිඩ් – 19 වසංගතයෙන් පසු ආර්ථික අර්බුදයේ බලපෑම් මැන බැලීම සඳහා ආයතන මට්ටමේ සමීක්ෂණයක් සිදුකරන ලදි.
ඒම සමීක්ෂණය අනුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන ආවරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එක් එක් වසර තුළ තාවකාලික ව හෝ ස්ථිර ව වැසි ගිය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථානවල ප්‍රතිශතයන්හි අගය ද එම දෙපාර්තමේන්තුව විසින් අද (14 ) නිකුත් කර ඇත .
ඒ අනුව 2019 වසරේ සියයට 9.9ක් ද 2020 වසරේ සියයට 33.4 ක් ද 2021 වසරේ දී 27.4ක් හා 2022 වසරේ සියයට 29.3ක් ව්‍යාපාර වැසී ගොස් ඇති බව සදහන් .
