ක්‍රිකට් ක්‍රිඩා ලෝලීන්ට නැවත වරක් යම් අස්වැසිලක් ගෙන දෙමින් සංචාරක ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දි අද පැවති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7 ක පහසු ජයක් ලැබීමත් සමග තරග තුනකින් සමන්විත වූ එක් දින ක්‍රිකට් තරගාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය .

මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම පන්දු වාර 48.2 කදී සියලු දෙනා දැවී ලකුණු 266 ක ලබා ගන්නා ලදී . (රමනුල්ලා ගුර්බාෂ් 48, රහමට් ෂා 65, අස්මතුල්ලා ඔමල්ෂායි 54, ඉක්‍රම් අලිකිල් 32, දුනිත් වෙල්ලාලග් 38/2, අකිල ධනංජය 54/2, ප්‍රමෝද් මධුෂාන් 45/3, අසිත ප්‍රනාන්දු 44/2)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 267 ක ඉලකක්ය පන්දු වාර 35.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.(පැතුම් නිස්සංක 118, අවිෂ්ක ප්‍රනාන්දු 91, කුසල් මෙන්ඩිස් 40, කුයිස් අහමඩ් 46/2)

පැතුම් නිස්සංක මෙහිදී අනගි ඉනිමක් ක්‍රිඩා කරමින් පන්දු 101 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමග ලකුණු 118 ක් රැස්කිරීමට සමත් විය.

අවිෂ්ක ප්‍රනාන්දු ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 66 කදී ලකුණු 91 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක සහ අවිෂ්ක ප්‍රනාන්දු වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු 138 කින් ලකුණු 173 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page