පවතින ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 3 ක් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් නතර කර ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා

ඔවුන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ ආර්ථික අර්බුදය පාසල් දරුවන්ගෙන් සියයට 54. 9කට බලපෑම් එල්ල කර ඇති බවයි.

ඒසෙම සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් එනම් සියයට 53. 2 ක් අලු‍තින් පාසල් උපකරණ මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවත් සියයට 44 ක් අලු‍තින් නිල ඇදුම්වලට වියදම් කිරීම කපා හැර හෝ අඩුකර තිබෙන බව වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

අමතර පන්තිවලට සහභාගි වීම සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 40. 6 ක් නතර කර හෝ අඩු කර ඇති බවත් එම දරුවන්ගෙන් සියයට 28. 1 ක් උපකාරක පංතිවලට සහභාගි වීමේ දී මාර්ගගත ක්‍රමය භාවිතයට යොමුව තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page