දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකා පොලීසියේ පුහුණු වැඩසටහන් කටයුතු සඳහා ඉන්දියාවේ සහයෝගය ලබාගැනීම ඇතුළු ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවිමක් සිදු විය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jah) සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී මෙම විශේෂ හමුව සිදු විය.

දෙරට අතර පවතින සුහදත්වය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ මිතුරු රටක් ලෙස සෑම විටම කටයුතු කරන බව ඉන්දියානු මහකොමසාරිස්වරයා මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page