රුසියානු ජනාධිපතිවරණය ඊයේ (15) දිනයේදී ආරම්භ වු අතර ඔන්ලයින් ක්‍රමයට ද ජන්දය ප්‍රකාශ කිරිමේ හැකියාව ඇති බවත් ජනාධිපති පුටින් සිය ඡන්දය ප්‍රකාශ කිරීම ඔන්ලයින් ක්‍රමයට සිදු කල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
රුසියානු වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරී ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සිදු කිරිමට රුසියන් මැතිවරණ කොමිසම අවස්ථාව සකසා ඇති අතර ජනාධිපති පුටින් සිය කාර්යාලයේ සිට ඔන්ලයින් මගින් මාධ්‍යවේදීන් ඉදිරියේදී සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.
මේ අතර යුක්රේන හමුදා රුසියාවේ පළාත් කීපයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බවත් ක්‍රිමියාවේත්, යුක්රේනයේ රුසියන් පාලනයේ පවතින සෙසු පළාත්වලත් ඡන්දය පවත්වන බවත් යුක්රේනයෙන් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ද ජනාධිපති පුටින් ප්‍රතිඥා දී ඇත.
