ඉදිරි ජනාධිපතිවරනයේ කවුරු දිනුවත් කවුරු පත්වුනත් මේ ජනතාවට සේවය කරන්න දිනන අයත් එක්ක තමන් එකතුවන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි කම්කරු ජාතික පෙමුණේ නායක පි. දිගම්බරන් මහතා පවසයි.

ජනාධිපතිවරනයේදි දිනන්නේ රනිල්ද සජිත්ද අනුරද කියන එක දැන්ම කියන්න බැහැ මේ අය ඉල්ලයිද කියන්නත් බැහැ ඒය දැනගන්න පුළුවන් වන්නේ අගෝස්තු මාසයෙන් පසුවයි.

දිගම්බරන් මහතා මෙම අදහස් පල කලේ කම්කරු සංගම‍යේ මෙවර මැයි රැලිය පැවැත්විම පිලිබදව හැටන් උත්සව ශාලාවකදි පැවති සංවිධායකවරුන්ගේ රැස්විමක් අමතමින්ය..

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා …

ඉදිරියේ කවුරු බලයට පත් වුනත් එසේ බලයට පත්වන අයත් සමග අප ඒකතු විය යුතුයි. එසේ නැතිව විපක්ෂයේ සිටිමින් මේ ජනතාවට නිසි සේවයක් කරන්න මට බැහැ. මේ ජනතාවට සේවය කරන්නනම් පාලන බලයේ සිටින පක්ෂය සමග එක්ව ඇමති ධුරයක් ලබාගත යුතුයි.

මම ඇමති ලෙස ඉන්න විට වතු ජනතාවට නිවාස හැදුවා.වතු කම්කරු වැටුප පිලිබදව මම කියන්නේ කඩන තේ දළු ක්‍රිලෝවකට රුපියල් සියයක් ලබා දෙන ලෙසයි එවිට මේ පිරිසට තමන් කඩන තේ දළු මත වැඩි වැටුපක් ලබා ගන්න පුලුවන් දිනකට තේ දළු විස්සක් කැඩුවොත් දිනක වැටුප රුපියල් දෙදහක් වෙනවා.

අද හුගක් ප්‍රශ්න තියෙන්නේ වතුවල වැඩ නොකරන අයටයි වැඩ කරන අය හොද වැටුපක් ලබා ගන්නා බව දැන ගන්න ලැබෙනවා බගවන්තලාව ප්‍රදේශයේ එක් වතු කම්කරුවකු රුපියල් පනස් දහාසත් හැට දහාසත් අතර වැටුපක් ලබා ගන්නවා.

අප කම්කරු ජාතික සංගමය මෙවර මැයි රැලිය පවත්වන්නේ තනිවම. අපි සංධානයක් ලෙස මෙවර මැයි රැලිය පවත්වන්නේ නැහැ . මෙවර මැයි රැලියෙන් අපි අපේ ශක්තිය උපරිම ලෙස පෙන්විමට පියවර ගන්නවා.

මම මේ සියළුම දෙනාගෙන් ඉල්ලන්නේබ්මැයි රැලියට එන විට බිමත්ව එන්න එපා කියලා. මොකද අපි මෙම රැලිය නිසි ලෙස අවබෝදයෙන් පැවැත්විය යුතුයි .මේ මැයි රැලියට පිරිස් එක් කර ගන්නා විට සංවිධායකවරුන් වතුවල ජනතාව නිසි ලෙස දැනුවත් කල යුතුයි.එසේ නැතිව මෙය සාර්ථක කර ගන්න බැහැ .ඒ වගේම තමයි මේ සංවිධායකවරුන් පනහක් ගෙන්නම් කියලා දහයක් පහාලෝවක් ගෙනත් අපිව රවට්ටන්න හදන්නත් එපා. එවිට රැවටෙන්නේ ඔබමයි මම මගේ දරුවන් පවුලේ අය දේශපාලනට ගෙන එන්නේ නැහැ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණට වුනත් මේ අයගෙන් කවුරු හරි ඉදිරිපත් වෙනවානම් මම ඉවත් වෙන්න වුනත් සුදානම්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page