2021-2022 අධ්‍යාපන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අයදුම්පත් කැදවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවෙදනය කරයි.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම් කිරීමේ කාලසීමාව අප්‍රේල් මස 05 වන දිනෙන් අවසන් වන අතර මීට අදාළ ගැසට් නිවේදනය අංක 2376 දරන 2024.03.15 වන සිකුරාදා ගැසට්පත්‍රයේ පළ කර ඇත .

අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ම මෙවර සිදු කරනු ලබන බවත් 2024-03-15 දින දහවල් 12.00ට පෙර වෙනත් කිසිම ක්‍රමයකින් ඉදිරිපත් කර ඇති අයදුම්පත් සලකා නොබැලෙන බවත් එසේ වුවහොත් නැවත වරක් අයදුම්කරුවන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ යුතුය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page