මත්ද්‍රව්‍ය භාවිත කරන බස් රථ රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරු මත වේල්ලවීදිය පොලීසිය අද (16) විශේෂ මෙහෙයුමක් සිදුකර ඇත .

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගේ ජංගම දුරකථනයට ගැණුම්කරුවන් විශාල පිරිසකගෙන් ඇමතුම් ලැබුණු බවත් එම දුරකථනයට ලැබුණු ඇමතුම් අනුව පොලීසිය විසින් අදාළ පුද්ගලයන්ව හඳුනාගෙන සිවිල් ඇඳුමින් සැරසි අදාළ මත්ද්‍රව්‍ය අලෙවිකරු සමග ගොස් බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගත් බව සදහන් කරයි .

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින රියදුරුන් හා කොන්දොස්තරවරුන් දිනකට රුපියල් 1,200 සිට රුපියල් 2,400 දක්වා මුදලක් මෙම මත්ද්‍රව්‍ය වෙනුවෙන් වියදම් කරන බවත් මෙහිදී හෙළිවී තිබේ.

කොළඹ බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම්පොළ ආශ්‍රිතව මෙම වැටලීම් සිදුකර ඇති අතර එහිදී හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග භාවිත කරන පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page