ජාතික පොලිස් කොම්ෂන් සභාවේ නිර්දේශය අනුව පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමට ජාතික පොලිස් කොමිසම නියෝග කරන ලදි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙකු අතුළු පොලිස් නිලධාරීන් පිරිසකට මෙසේ ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 08 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරයෙක් මෙලෙස ස්ථාන මාරු කර ඇත
අපරාධ හා රථවාහන දිසාව භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරුමැද පළාතටත්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ එස්. සී . මැදවත්ත මහතා පුහුණු හා උසස් පුහුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරුකර යවා තිබේ.
උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ කේ. පී. එම් .ගුණරත්න මහතා බස්නාහිර පළාතටත්, ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ කටයුතු කළ එස්.ඩබ්ලිව්.එම් සේනාරත්ත මහතා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ලෙස මාරු කර යවා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයේ කටයතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. පී .ඒ. කේ පියසේකර මහතා කළුතර කොට්ඨාසය වෙතත්, ගල්කිස්ස කොට්ඨාසය භාරව කටයුතු කළ ඊ. එම්. එම් .එස් දෙහිදෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස මාරු කර යවා ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.
