කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි අද සහ හෙට දිනයන්හි විවාදයට ගැනෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව එළඹෙන 21 වන බ්‍රහස්පතින්දා දිනය ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වනු ලබන බව සදහන් කරයි .
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) පාර්ලිමේන්තුවේදී ආරම්භ වු අතර ඒය එළඹෙන 21 වන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වෙන බවත් පස්වරු 4.30ට විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති බව සදහන් කරයි
