පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ COPE සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි.
ඊයේ (18 ) දා මාධ්‍ය හමුවක් අමතමින් එම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බව මන්ත්‍රීවරයා පවසා සිටියා.
ඒහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා …
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය මම කථානායකවරයාට අද භාර දුන්නා. දැන් කෝප් කමිටුව දූෂණ වංචා වසාගන්න තැනක් බවට පත්වෙලා. කෝප් කමිටුව කතා සාප්පුවක් වෙලා ක්‍රියාවෙන් කිසිවක් නෑහැ. එය වෙනස් කළ යුතුයි.
කෝප් කමිටුවේ හිටපු සභාපති වැරදි ක්‍රියාවක් කළ බවට මන්ත්‍රීවරුන් නිගමනයකට පැමිණි නිසා කෝප් කමිටුවේ රැස්වීම් අත්හිටුවූවා. ඉන් පසුව කෝප් කමිටුවට නැවත එවැනි වැරදි ක්‍රියා සිදුකළ පුද්ගලයන් පත් කර තිබෙනවා. කෝප් කමිටුවෙන් සොයා බලන්නේ දූෂණ වංචා සිද්ධීන් පිළිබඳවයි. නමුත් කෝප් කමිටුවට පත් කරන පුද්ගලයන්ට චෝදනා එල්ල වෙලා තිබෙනවා, ඒම චෝදනා විමසලා තිබෙනවා දැයි කියා ප්‍රශ්නයක් මතුවෙනවා. සුදුසු පුද්ගලයන් කෝප් කමිටුවට පත් නොකළොත් විශාල ගැටලුවක් ඇති වෙනවා. වැරදි පුද්ගලයන් මෙවැනි කමිටුවලට පත් කිරීමෙන් රටේ දූෂණය වංචාව නැති කරන්න බැහැ.
