ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය පවසයි
ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් බවට පත්ව ඇති බවත් මෙම වසරේදී සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කල අතර ගෙවුණු කාලය තුළ කටුනායක ගුවන් තොටුපළින් සේවා ලබාගත් මගීන් සංඛ්‍යාව 850,000ක් දක්වා ඉහළට ගොස් ඇති බවත් සදහන් කරයි .
ඒ මහතා පෙන්වා දෙන ආකාරයට 2024 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා දක්වා කාලය තඔහුට ගුවන්තොටුපළ සේවා ලබාගත් ගුවන් මගීන් සංඛ්‍යාව 850,000 ක් බවත් මේ වසර අවසානය වන විට ගුවන් මගීන් මිලියන 10ක පමණ පිරිසක් ගුවන්තොටුපළ භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.
2022 වසරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිතා කළ සමස්ත මගින් ප්‍රමාණය මිලියන 05ක් වන බවත්, 2023 වසරේදී එම ප්‍රමාණය මිලියන 08 දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවත් ඔහු පෙන්වා දෙයි.
