මෙම මැයි මස ආරම්භ කිරීමට නියමිත ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කටයුතු කිරීමට සුදානම්ව සිටින බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කැනඩාවේ වැන්කුවර්හි ජන හමුවක් අමතමින් සදහන් කරයි .
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැන් විශ්‍රාම ගොස් ජාතික ජන බලවේගය සමග කටයුතු කරන බවත් එහි විමර්ශන මෙහෙයවූ CID ප්‍රධානියෙකු මෙම මැයි මස ආරම්භ කිරීමට නියමිත විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බවත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අලුතින් පරීක්ෂණ අවශ්‍ය නොවන බවත් පරීක්ෂණ හරහා මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව සොයා බැලිය යුතු බවත් ඔහු එහිදී පැවසීය.
ප්‍රහාරවල වැරදිකරු කවුරුන් ද යන්න තමන් හොඳින් දන්නා බවට එවකට ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිටි ඔහු ප්‍රකාශ කිරීම බරපතළ ප්‍රකාශයක් බවත් ඔහු පවසන අතර ප්‍රහාරයෙන් පසු මාස හතක් සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කර තිබේ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතු බවයි
