සියලු රාජ්‍ය සේවකයන්ට අප්‍රේල් මාසයේ වැටුප එම මාසයේ 10 වන දිනට පෙර ගෙවිමට සුදානම් බවත් අයවැය යෝජනාවල සදහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ක වැටුප් වැඩිවිම අප්‍රේල් වැටුපට එකතුකොට ගෙවීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි..

අද දහවල් රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා .
.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 28 ක් සඳහා සහල් කිලෝ 10 බැගින් අප්‍රේල් මාසයේදීත් , තවත් සහල් කිලෝ 10 ක් මැයි මාසයේදීත් ලබාදීමට කටයුතු කරන බවයි.

අඩු ආදායම්ලාභින්ට සහනයක් ලෙස හා ගොවීන්ට වී සඳහා ලබාදෙන මුදල ඉහළ නැංවීමට මග පෙන්වීමත් අරමුණු කරගෙන සිදු කරන මෙම වැඩ පිළිවෙළ අනුව අප්‍රේල් මාසයේ ලබාදෙන සහල් කිලෝ 10 ක ප්‍රමාණය එම මස 10 වන දිනට පෙර ලබාදීමටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම විශ්‍රාමිකයින් සඳහා වැඩිකළ රු. 2,500 ක මුදල ද අප්‍රේල් මාසයේ සිට ලබාදෙන බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page