ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (03 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සදහන් කරයි .
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 175 කින් අඩු කළ බවත්, ඒ අනුව රුපියල් 4115 කට පැවැති ගෑස් සිලින්ඩරයේ නව මිල රුපියල් 3940 ක් වේ.
එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 70 කින් අඩු කළ බවත් ඒ අනුව එහි නව මිල රුපියල් 1582 ක් ලෙසය.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 32 කින් අඩු කළ බවත් ඒ අනුව එහි නව මිල රුපියල් 740 ක් බව සභාපතිවරයා සදහන් කරයි
ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් සැලකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධනය සිදුකළ බව ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා
