වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්රාම ගිය ජ්යේෂ්ඨ රාජ්ය නිලධාරීන් සහ අධිකරණ ජ්යේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්ර ලබාදීමට රජය තීරණය කර ඇත.
අනිවාර්ය විශ්රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර තිබුණු අතර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරිම හේතුවෙන් එම කාලය තුළ අවුරුදු 60න් පසු විශ්රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු සහනය ලබාදීමට නියමිත බව සදහන්
මාර්තු 11 වන දින පැවැති අමාත්ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවත් ඊට අදාළ චක්රලේඛය රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්යංශ ලේකම් ප්රදීප් යසරත්න මහතා විසින් නිකුත් කර ඇත.
