විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ ගැටලුවලට ආණ්ඩුව ඇතුළු බලධාරීන් විසඳුම් නොදීමට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අඛණඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
කොළඹදී අද (6) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි සභාපති ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වන්නිනායක මහතා මේ බව සදහන් කර සිටියා .
කොළඹ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට හෙට (8) පෙරවරු 10.00 සිට විරෝධතාවක් පවත්වන බවත් වැටුප් විෂමතා නිවැරදි නොකිරීම සහ ආණ්ඩුව පොරොන්දු වූ දීමනා සහ සෙසු පහසුකම් නොලැබීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 11 ක් මෙම වර්ජනයට හේතු වන බවත් ඒ මහතා කීය.
විශ්වවිද්‍යාලය අනධ්‍යයන සේවකයන්ගේ ගැටලුවට විසඳුම් නොලැබීමට විරෝධය දක්වමින් ඔවුන් මෙම මස 2 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ බව කී වන්නිනායක මහතා විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය මෙම මස 3 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව ද සඳහන් කලා.
මෙම වසරේ ජනවාරි මස සිට ඉල්ලීම් ලබාගැනීම සඳහා සංකේත වැඩවර්ජන ඇතුළු විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කළ ද බලධාරීන් පොරොන්දු ඉටුනොකිරීම නිසා මෙවැනි අඛණ්ඩ වර්ජනයකට යෑමට සිදුවූ බව කී වන්නිනායක මහතා සදහන් කලා.
මෙම වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ කටයුතුවලට වන අපහසුතාව පිළිබඳව කණගාටු වන බව ද වැඩි දුරටත් සඳහන් කර සිටියා .
