වැඩිම කාලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසර 42කුත් මාස 09කට වැඩි කාලයක් මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති අතර ඒම කාල සිමාවට ඔහු ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද කාලය ඇතුලත් නොවනු ඇත.

ඒසෙම දෙවනුවට වැඩිම කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත්තේ හිටපු ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ය. ඔහු වසර 39කුත් මාස 07ක කාලයක් මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටී.

චමල් රාජපක්‍ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, ලක්‍ෂ්මන් කිරිඇල්ල හා අගමැති දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් හය දෙනා මේ වන විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර දැනට වසර 33 ක් සම්පූර්ණ කර ඇත .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වසර 31 කුත් මාස 05ක කාලයක්ද දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ආර්. සම්බන්ධන් වසර 30ක කාලයක්ද මේ වනවිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page