ජාතික පාසැල් හා පළාත් පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා ඉංග්‍රීසි විෂයට අදාළව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (10) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දි ඇත .
එම සම්මුඛ පරීක්ෂණ 11, 13, 20 දිනයන්හි බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ දී පවත්වන ලබන බවත් 2021 දෙසැම්බර් 12 වැනිදා පැවති තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව මෙම බඳවා ගැනීම් සිදු කරන බවත් ඒ සදහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.govlk හි මේ වන විට පල කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි ..
