මෙරට ආර්ථිකයේ සියලු අංශයන්හි වර්ධනයක් ඇති කිරීමේ ක්‍රියාවලියේදී පෞද්ගලික අංශය මූලික කර ගැනීම අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උපසභාපති රිකාඩෝ පුලිටි පවසයි .

දෙදින සංචාරයක් සදහා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි සිය සංචාරය නිමා කරමින් මේ බව පවසා සිටියා

ශ්‍රී ලංකාවට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීමට අතිවිශාල අවස්ථා ප්‍රමාණයක් තිබෙන බව පැවසූ උපසභාපතිවරයා මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වර්ධන වැඩසටහනට සහය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව කැපවී සිටින බව සඳහන් කලා.

සංවර්ධන ක්‍රියාවලියේ ගම්‍යතාව පවත්වා ගැනීමටත් ස්ථාවරත්වයේ සිට තිරසර වර්ධනයක් දක්වා මාරු වීමටත් පහසුකම් සපයන ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

මෙරට පෞද්ගලික අංශය සමග සහයෝගයෙන් කටයුතු කිරීම, නව රැකියා අවස්ථා ඇති කිරීම, ආර්ථික තරගකාරිත්වය වැඩි දියුණු කිරීම සහ වර්ධනය සඳහා රජයේ ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව කැපවන බවද පුලිටි මහතා අවධාරණය කලා..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page