පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කර තිබූ පෙත්සම ලබන 28 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10දා) නියෝග කර ඇත

එම පෙත්සම ඊයේ (10දා) ගාමිණි අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවීය.

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 8 වැනිදා තීන්දුවක් ලබාදී ඇති බැවින් එම තීන්දුව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම පෙත්සම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර කුමක් දැයි අධිකරණයට දැනුම් දෙන බව ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයට සදහන් කර ඇත

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගය පක්‍ෂයේ මහ ලේකම්වරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයන් නම් කොට තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට සහාය පළ කළේ යැයි චෝදනා කරමින් සමගි ජන බලවේගය පක්‍ෂයේ මහලේකම්වරයා ඇතුළු පිරිසක් තමන් මන්ත්‍රී ධුරයෙන් නෙරපීමට කටයුතු කර ඇති බවත් සාධාරණ විනය පරීක්‍ෂණයක් හෝ නොපවත්වා ගෙන ඇති එම පියවර මඟින ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කාරිය අධිකරණයට කියා ඇත

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අයන්ති පෙරේරා මහත්මිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ කීර්ති තිලකරත්න මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා සමගි ජන බලවේගය මහ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටියේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page