ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වය අද පිටකෝට්ටේ පෞද්ගලික උත්සව ශාලාවකදී විධායක සභා රැස්වීමක් කැඳවූ අතර එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති තනතුරෙන් හා විධායක සභාවෙන් ඉල්ලා අස්වී තිබුණි.
නව සභාපතිවරයා ලෙස විධායක සභාව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාව පත්කිරීමට තීරණය කල අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ඒ අනුව අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද නව වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත පත් කර ඇත
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව සභාපති විජයදාස රාජපක්ෂ ..
ඉදිරි මාස 7 – 8 කාලය මේ රටට ඉතාම වැදගත්.අනිවාර්යයෙන් ඔක්තෝම්බර් 17ට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඊට පස්සේ පාර්තිමේන්තු මැතිවරනය පවත්වන්නට ඕනේ. මේ රටට ගැළපෙන ධාර්මික දේශපාලනික සංස්කෘතික් හදන්න ඕනේ. අපිට අනෙකුත් පක්ෂ ගැන කථා කරන්න ඕනේ නෑ. ඒ බලවේගය හදන්න පුළුවන් අයශ්‍ය න්‍යෂ්ටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුයි. අපි ඒ සියලුදෙනාට නැවත වතාවක් ආරාධනා කරනවා යළි එකතුවෙන්න. අපිට ඕනේ කියලා නෙමෙයි. අනාථ වෙන්න එපා, අපිත් එක්ක එන්න කියලා. “
කෙසේවෙතත් නිමල් සිරිපාල පාර්ශ්වය පැවසුවේ එලෙස රැස්වූ විධායක සභාව මෙන්ම නව පත්කර ගැනීමද නීත්‍යනුකූල නොවන බවය.
මෙම නව පත්කිරීම් සිදුකෙරෙන අවස්ථාව වනවිට, නිමල් සිරිපාල පාර්ශ්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇත
