ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභා රැස්වීමේදී එහි සභාපතිවරයා ලෙස නම් කක විජයදාස රාජපක්‍ෂ මහතා හා වැඩ බලන ලේකම් කීර්ති උඩවත්ත මහතාගේ පක්‍ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වමින් කඩුවෙල අධිකරණය විසින් පසුගිය 13 වැනිදා නිකුත්කළ වාරණ නියෝගය විසුරුවා හැරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය ඊයේ (31 දා) නියෝග කරන ලදි..

පසුගිය 12 වැනිදා විධායක සභා රැස්වීම පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනි විධායක සභාවක් හා ඒම පත්විම් ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා ඇතුළු නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ දිසා විනිසුරුවරිය එම නියෝගය නිකුත් කළාය.

ඔවුන් ඉදිරිපත් කළ කරුණු අනුව 2024.5.12 වැනිදා පැවැත් වූයේ යැයි කියන විධායක සභා රැස්වීම නෛතික විධායක සභාවක් නොවන බවත් එම නියෝගය නිකුත්කරමින් පෙන්වා දුන් දිසා විනිසුරුවරිය නීත්‍යනුකූල නොවන විධායක සභාවකදී ගනු ලබන තීරණ ද නීත්‍යානුකූල නොවන බව පෙන්වා දෙන ලදි…

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක කමිටු සාමාජිකයන් දෙදෙනකු වන ඉසුරු අබේවර්ධන හා සුමිත් විජයමුණි ද සිල්වා යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page