මහල් දෙකකින් සමන්විත මහ විලච්චිය නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින විවෘත කෙරැණි.

ගොඩනැගිල්ල විවෘත කිරිමෙන අනතුරැව අගමැතිවරයා මහ විලච්චිය ප්‍රදේශයේ ගොවීන් 50 දෙනෙකු සදහා ඉඩම් බලපත්‍ර ලබාදීම ද සිදු කරන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙ නායකත්වය යටතේ රට මෙ වන විට ස්ථාවර රටක් බවට පත්ව ඇති බවත් ඉතා ඉක්මනින් ආර්ථිකය ස්ථාවර කරන්නට හැකි රටක් ලෙස ශ්‍රීලංකාව පිලිබඳව ලෝකය විශ්වාසය තබා තිබෙන බවත් ඔහු සදහන් කලා.

ඇති වූ ආර්ථික කඩා වැටීම යළි ගොඩනගන්නට සැලසුම් කිරිමේ දී සංවර්ධන සැලසුම් ද ක්‍රියාත්මක කිරීමට හැකි වු බවත් මෙවන් පහසුකම් සහිත රජයේ කාර්යාල ඉදිකිරිමට කටයුතු සිදු කිරීමට මේ වන විටත් ආණ්ඩුවට හැකියාව ලැබුණු බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන,ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත යන මහතවරැද මෙහිදි සභාව ඇමතු අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ උතුරැ මැද හිටපු මහ ඇමති එස්.එම්.රංජිත් සමරකොන්,හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ ඇතුළු දේශපාලකයන්ද , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර , උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ,අතිරේක දිස්ත්‍රික්ලේකම් වරුන් වන සන්ධ්‍යා අබේසේකර සහ ශාමිලා වික්‍රමආරච්චි , ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා මහවිලච්චිය ප්‍රාදේශවාසින් ඇතුළු පිරිසක් මේ උත්සවය සදහා සහභාගී විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page